සමාව ඉල්ලුවොත් ජනපති සලකා බලාවි


සරත් පොන්සේකාට සමාව දෙන්නැයි ඔහුගේ ළඟම ඥාතියකු ජනපතිගෙන් ඉල්ලීමක් කළහොත් එය සලකා බලනු ඇතැයි අධිකරණ ඇමැති රාවුප් හකීම් මහතා අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂ කාරක සභා විවාදයේ දී එජාපයේ මන්ත්‍රීන් පිරිසක් කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් පැවැසීය. සිර බාරයේ සිටින පුද්ගලයකු ඉන් නිදහස් කැර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇතැයි කී අමාත්‍යවරයා එම ක්‍රමවේදය පොන්සේකාගේ පවුලේ අය ද අනුගමනය කළහොත් ඒ පිළිබඳව සලකා ලැබීමට ජනපති කටයුතු කරනු ඇතැයි තම විශ්වාසය බව ද ඇමැති කීය.