සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි


(ඩයනා උදයංගනී)

තාවකාලිකව ඊයේ සිට (5) රාත්‍රී සිට අවහිර කර තිබූ සමාජ මාධ්‍ය යළි සුපුරුදු ලෙස ක්‍රියාත්මක බව රජය පවසයි.

මීගමුව ප්‍රදේශයේ ඊයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් වෛරී ප්‍රකාශ ප්‍රචාරය වීම නැවැත්වීමේ සහ සමාජයේ සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබුණි.

‍ඉන්පසු මේ වන විට ෆේස් බුක්,වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.