(නිමන්ති රණසිංහ)
හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ජාතීන් අතර සංහිදියාව බිඳ හෙළීමේ අරමුණින් සමාජ ජාලා මගින් අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සඳුදා (12) දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (10) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි කොළඹ ප‍්‍රධාන පෙළේ පිරිමි පාසලක ශිෂ්‍යයෙකි.