සමාජ ජාලා තහනම හෙට සිට ඉවතට



 
ආරියරත්න රණබාහු
 

ආරක්ෂක පියවරක් ලෙස සමාජ ජාලා සඳහා පනවා තිබු තහනම හෙට (10) සිට ඉවත් කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.

ඒ අනුව මුහුණ පොත,වයිබර්,වට්ස්ඇප්,සහ සමාජ ජාලා වෙබ් අඩවි හෙට සිට නැවත ක්‍රියාත්මක කිරිමට නියමිතය.

පැය 72ක කාලයක් සඳහා පමණක් අත්හිටුවා තිබු මෙම තහනම හෙට දිනයෙන් අවසන් කෙරෙන බව හෙතෙම කීවේය

.