සමාගම් ලොක්කා කුලියට රන් අදී
රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 18ක් ගුදයේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි යෑමට ආ සමාගම් අධ්‍යක්ෂට, රේගු නියෝජ්‍ය අධයක්ෂ එම්.ආර්. රාජ් මොහාන් මහතා රුපියල් පන් ලක්ෂයක දඩ නියම කැර රන් තොගය ද රාජසන්තක කෙළේය. රුපියල් 25000ක කොන්ත්‍රාත්තුවක් මත මේ බිස්කට් දුන් පුද්ගලයා කවුදැයි නොදන්නා බව ඔහු කියා ඇත. ඔහු දඩය ගෙවීය.

