සම්භාහනය මුවාවෙන් ගණිකාවන් සපයලා


කොල්ලුපිටිය ද මැල් මාවතේ දෙමහල් නිවසක සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි බව කියන කාන්තාවන් හය දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් සංවිධානාත්මක අපරාධ  කොට්ඨාසය දූෂණ මර්ධන ඒකකය  කියයි. අත්අඩංගුවට පත් වුවන් අතර එහි කළමනාකරිණිය බව කියන කාන්තාවක්ද සිටින බව පොලිසිය පවසයි.