සම්බාහනයේ මුවාවෙන් ඇඟ විකිණු හයක් සැකපිට


(ඉන්දිකා රාමනායක)

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා සැකකාරියන් හය දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර එහි කළමනාකාරවරයා ද සිටින බව පොලිසිය පවසයි. සැකකාරියන් වයස අවුරුදු 20 - 48ත් අතර පසුවන්නියන් බවද පොලිසිය සඳහන් කරයි.

ගල්කිස්ස අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීස සිදු කළේය.