යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න
ආයුර්වේද වෙදකමේ එන පංචකර්ම චිකිත්සාවෙන් රෝග නිට්ටාවට සුවවීමේ ප‍්‍රවණතාව වැඩි බව පෙරදිග ලෝකයේ මෙන්ම බටහිර ලෝකයේ ද අවධානයට ලක්වී ඇත. ඒ නිසා පංච කර්ම චිකිත්සාවේ එන ශරීර සම්බාහන ක‍්‍රම පිළිබඳ විමසා බැලිම කාලෝචිත යැයි සිතමි.
ක‍්‍රිස්තු පූර්ව 3000 කට වඩා පැරණි කාලයේ සිටම සම්බාහන ක‍්‍රම ඈත පෙරදිග රටවල භාවිතා කර ඇති අතර එය පැරණිතම ප‍්‍රතිකාර ක‍්‍රමයකි. කි‍්‍රස්තු පූර්ව 5 වන සමයේ ග‍්‍රීසියේ ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යෑම සඳහා සුවද ද්‍රව්‍ය යොදා ජලස්නානයෙන් පසුව දිනපතා සම්බාහනය කර ඇති බව එහි ඉතිහාසය හැදෑරීමේදී පෙනී ගොස් ඇත. ශාරීරික වේදනාව මස් පිඩු තදවීම සන්ධිවල වේදනාව සඳහා සම්බාහනය ඉතාමත් සුදුසු බාහිර උපද්‍රව වලින් තොර චිකිත්සා ක‍්‍රමයකි.
මෑත අතීතයේ සම්බාහන ක‍්‍රම ප‍්‍රචලිත වීමට පටන් ගත්තේ මලල ක‍්‍රීඩකයන් උදෙසාය. එමඟින් සිරුර ලිහිල් කිරීම ප‍්‍රබෝධය ප‍්‍රාණවත්ව වර්ධනය කර ශරීර සෞඛ්‍ය වැඩිකර ගැනීමට භාවිතා කරන ලදී. පංච කර්ම විධිවල දක්වා ඇති පුරාණ ආයුර්වේද සම්බාහන ක‍්‍රමද මේ සමඟම නැවතත් ප‍්‍රචලිත වීමට පටන් ගත් අතර අද වන විට ලොව බොහෝ දෙනා තම ශරීර සෞඛ්‍ය රැක ගැනීමේ අරමුණින් මසකට වරක් වත් ශරීර සම්බාහනය කර තම තරුණ බවත් නිරෝගි බවත් රැක ගනී.
එදිනෙදා ජීවිතයේ ඇති වන ශාරීරික හා මානසික පීඩාවන්ට සම්බාහනය ඉතා හොඳ පිළිතුරකි. ආහාර දිරවීම ක‍්‍රමවත් කිරීම ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම අධික රුධිර පීඩනය, කරකැවිල්ල, අධික මහන්සිය ,මෙන්ම හෘදරෝග නිවාරණය කිරීමට අවැසි රුධිර ධාවනය ක‍්‍රමවත් කිරීම සඳහාද බෙල්ලේ, කොන්දේ වේදනාවන් දුරු කිරීමටද නියම ඉරියව් පවත්වාගෙන නොයෑම නිසා ඇතිවෙන බෙල්ලේ හා උරහිසේ වේදනාවන් හා මස් පිඩු තද වීම් සඳහා ද සම්බාහනය වැදගත් වේ.
එහෙත් සම්බාහනය කිරීමට පෙර රුධිර පීඩනය මැන බැලිය යුතු අතර යම්කිසි රෝගයකින් පෙලේ නම් ඊට අදාල සම්බාහන ක‍්‍රමයක් යොදා ගත යුතුය. සැම සම්බාහන ක‍්‍රමයක්ම සෑම කෙනෙකුටම නොගැලපේ.
සම්බාහනය කිරීමේදී ශරීර මර්මස්ථාන පිළිබඳවද සැළකිලිමත්වීම ඉතා වැදගත්ය. මර්මස්ථාන යනු ශරීරයේ ප‍්‍රාණ ශක්තිය රඳ පවත්නා විශේෂ ස්ථානයන්ය. මෙම මර්ම ශරීරයේ 107කි. උගත් සම්බාහකයින් සම්බාහන ප‍්‍රතිකාර කිරීමේදී වඩාත් ප‍්‍රතිඵල ගෙනදීමට මෙම මර්ම සම්බාහනයද විශේෂයෙන් ප‍්‍රයෝජනයට ගනි. මර්ම සම්බානය ඉතා ප‍්‍රවේශමෙන් කළ යුතු වන්නේ එම මර්ම ශරීර නාඩි කේන්ද්‍රය කෙරේ බලපෑම් ඇති කරන නිසාය. සමහර මර්ම තෙරපීමෙන් මරණය පවා ඇතිවන නිසා නිලස්ථාන අවබෝධය ඉතා වැදගත් වේ.
මිනිසාගේ සන්සුන්කමට ප‍්‍රසන්න බව ඇති කිරීමට සතුට වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු සුන්වීම හා අධික බලාපෙරොත්තු නිසා චිත්තවේග දරාගෙන සිටින අය සඳහා ද බොහෝ දිනක් ඇඳට වීමට සිදුවූ රෝගීන්ගේ වේදනා දුරුකිරීමට හා මාංශ පේශී ක‍්‍රමවත් කිරීමටත් සම්බාහනය ඉවහල් වේ.
එහෙත් ඉදිමුම ඇති අවස්ථාවලදී ශරීර දැවිල්ල හටගෙන ඇති විටදීත් නහර ගැට ගැසි ඇති රෝගීන්ටද ලේ කැටි ගැසීම නිසා රෝගී වූ අයටද සම්බාහනය කළ යුත්තේ ඊට අදාල විද්‍යාත්මක උපදෙස් අනුවය. නැතිනම් රෝගාබාධය උත්සන්න වීමටද බලපායී.
සම්බාහනය ලබන්නා හා සම්බාහනය කරන්නා අතර මනා සම්බන්ධතාවක් තිබිය යුතුය. සම්බාහනය නිල වෙදකම හා ශරීර අවයව පිහිටා ඇති ආකාරය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ඇති අයෙක් විය යුතුය. සම්බාහනය මුලික ක‍්‍රම 4කට කරනු ලබයි.
01. ඝට්ටනය බෙරයක් වාදනය කරන ආකාරයට ඇඟිලි තුඩු වලින් කලවා තට්ටම ආදිය සියුම් ලෙස සම්බාහනය කිරීම.
02. එකට ඇතිල්ලීම අල්ල හා ඇඟිලි උපයෝගි කොටගෙන රුධිර ධාවනය උත්තේජනය කරවීම මෙය අස්ථි සන්ධී ක‍්‍රියාත්මක කිරීම පහසු කිරීමට නැටුම් ශිල්පීන්ට හා ක‍්‍රීඩකයන් සඳහා සුදුසුය.
03. ගලායන ආකාරයට අල්ල හා ඇඟිලි තුඩින් පාලනයක් ඇතිව කිරීම.
04. තදට ඇදිම කෑමක් අනන ආකාරයට මස් පිඩු පොඩි කිරීම යන ආකාරයෙනි.
නීරෝගි පුද්ගලයන් ශරීර සම්බාහනය සඳහා යොමු වීමෙන් බොහෝ ශාරීරික හා මානසික රෝගාබාධ වලට ලක්වීමෙන් වැළකිය හැකි බව ඉන්දියාව වැනි රටවල සිදු කරන සම්බාහන ප‍්‍රතිකාර පිළිබඳව සොයා බැලීමේදී පෙනී යන කරුණකි.

