සම්බන්ධීකරණයෙන් පසු ගහ ගනිති


මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් අවසානයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සහකාර අධ්‍යක්ෂ අමල් රණවීර හා මහරගම නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා අතර ගුටිබැට හුවමාරුවක් ඇති විය.

පාරක් සම්බන්ධයෙන් මන්ත්‍රී ඇසූ ප්‍රශ්නයකින් පසු මේ තත්ත්වය ඇති විය.

විමලචන්ද්‍ර මහතා ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාරත්න මහත්මියට ද දොස් කියනු එහි සිටි අය දුටහ.

සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැතියේ දිනේශ් ගුණවර්ධන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් නිශාන්ත විමලචන්ද්‍ර මහතා පැවසුවේ තමන්ගේ කොට්ටාව පන්නිපිටිය වසමට අයත් ප්‍රගති මාවත සංවර්ධනය කිරීමට පෙර මුසු යෙදිය යුතු බව මුල් ඇස්තමේන්තුවේ පැවැති නමුත්  කිසිදු විමසීමකින් තොරව අතින් මිශ්‍රකර තාර දමීම ලෙස වෙනත් කර ඇති බවයි.