සම්බන්දන්ට එරෙහිව ඇතුළෙන්ම පැමිණිල්ලක්


සිරාජ් හසීම්
 
දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බවට චෝදනා කරමින් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා කථානායක කරූ ජයසූරිය මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර තිබේ.
 

තමාගේ පැමිණිල්ල සැලකිල්ලට ගෙන තම පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කරදීමට පියවර ගන්නා ලෙසද එම ලිපියේ මගින් තවදුරටත් ඉල්ලා ඇත.
 
එම ලිපියේ මෙසේද සදහන් වේ.
 
‘දෙමළ ජාතික සන්ධානය කියන්නේ දෙමළ දේශපාලන පක්ෂ හතරක එකතුවක්. මම   ලේකම් ධූරය දරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයත් ඉන් එක් පක්ෂයක්. දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ  දේශපාලන පක්ෂයක් විදිහට ලියාපදිංචි කරන්න කියලා අවස්ථා රැසකදීම මා ඉල්ලා සිටියත් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාත් මාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
 
මෑත කාලයේ දෙමළ ජාතික සන්ධානයේ නාමය භාවිතා කරමින් තමිල් අරසුකච්චි පක්ෂය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සහ ක්‍රියාකාරකම් මත ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමගින් සිටිය නොහැකි තත්වයක් උද්ගත වුණා. මේ හේතුව මත විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා තම බලතල උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තු විවාදවලදී තමාට අදහස් දැක්වීමට විවාද කිරීමට අවස්ථාව නොදෙමින් තම වරප්‍රසාදය කඩකරමින් කටයුතු කරමින් සිටිවනවා. මෙලෙස නිහඩ කර තියෙන්නේ වන්නි දිස්ත්‍රීක්කයේ ජනතාවගේ හඬයි. මේ සම්බන්ධයෙන්  මාගේ වරප්‍රසාද ආරක්ෂා කරදීමට පියවර ගන්න.‘