සම්පූර්ණ වැටුප ඉල්ලා රණවිරු බිරින්දෑවරු ජනපතිට ලියති


(බිඟුන් මේනක ගමගේ)

යුද්ධයේදී මිය ගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ බිරින්ඳෑවරුන්ට ද සම්පූර්ණ වැටුප ලබාදෙන්නැයි රජයට බල කරමින් සමස්ථ ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව පවසන එම සංවිධානයේ සභාපතිනි චන්දිමා ගුණවර්ධන මහත්මිය ජීවිත පරිත්‍යාග කළ සිය ස්වාමිවරුන්ට එම අයිතිය ලබා නොදෙන්නේ මන්දැයි එම ලිපිය මගින් ප්‍රශ්න කරයි.

මේ කරුණ ගැන කොතරම් දැනුම්දීම් කළ ද මේ වනතෙක් නිශ්චිත පිළිතුරක් දීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් රණවිරු සේවා අධිකාරියටත් ආරක්ෂක අමාත්‍යංශයටත් ජනාධිපති ලේකම් කාර්යාලයටත් සිය දැඩි කනගාටුව පළ කරන්නේ යැයි ද සමස්ථ ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.