
දුෂණ හා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මීගමු බන්ධනාගාර හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදීමට මීගමුව මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) නියම කළාය.
බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප 2 ක් මත මුදා හැරිණි.
බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනා ලැබූ සැකකරුවන්ට නීතිවිරෝධී ආකාරයට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

