සම්පන්දන් නෝක්කඩු කියයි


කොටි සංවිධානය කළ වරදට දෙමළ මිනිසුනට දඬුවම් නොකරන්නැයි දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්පන්දන් මන්ත‍්‍රී පාර්ලිමේන්තුවේ දී අද ප‍්‍රකාශ කෙළේය. සිංහලයන් උතුරේ පදිංචි කරමින්, දෙමළ ජනයාගේ ඉඩම් ඔවුනට අහිමි කරමින්, රජය අදිසි හස්තයකින් ක‍්‍රියා කරතියි චෝදනා කළ ඔහු උතුරට සිවිල් පාලනයක්  ඕනෑ යැයි ද කීවේය. බණ්ඩානායක/චෙල්වනායගම් ගිවිසුම ක‍්‍රියාත්මක වුණා නම් මෙවැනි ඉරණමක් දෙමළ ජනයාට අත් නොවතියිච ඔහු කීවේය. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා: ’’උතුරේ අධි ආරකෂක කලාප ඒවායේ හිමිකරුවනට දියයුතුයි. උතුරේ සියලූ දෙනාට සාධාරණය ඉටු කළ යුතුයි. රජය හා දෙමළ සංධානය අතර සාකච්ඡ වසර අවසන් වීමට පෙර අවසන් කරන්න. බලය බෙදන බවට කැපවන්න.’’