සම්පත් කොල්ලයට තිත


දේශපාලකයන් රටේ ජනතාවගේ සම්පත් කොල්ල කන යුගය අවසන් කොට රටේ සම්පත් ජනතාවගේ යහපත සඳහා යොදන පිරිසිදු දේශපාලකයන්ගෙන් යුත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරිමට මේ රටේ සෑම පුරවැසියකුගේම සහය අවශ්‍ය වන බව ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා බියගම ජන හමුක දී මේ බව පැවසුවේය.

රට හදන්නට අවංක උවමනාවක් තිබෙන පොරොන්දු ඉටුකරන පාලකයන් පිරිසක් අවශ්‍ය වන බවත් විවිධ පොරොන්දු ලබා දී බලයට පැමිණිමෙන් පසු ඡන්දය දුන් ජනතාව අමතක කරන දේශපාලකයන් ප්‍රතික්ෂේප කළ යුතු කාලය එළඹ ඇති බව කීවේය.

පලිගැනිමේ දේශපාලන සංස්කෘතිය මෙවර මැතිවරණයෙන් පසුව අවසන් කරන බවත් විජයවර්ධන මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.