
(අංජුල මහික වීරරත්න)
‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා - 2025’ උළෙල හෙට (10) සිට 14 දක්වා වූ දින පහක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කළේය.
38 වන වරටත් පවත්වනු ලබන මෙම තරගාවාලියේ දී කණ්ඩායම් තරග 31ක් මෙන් ම ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් අනතුරුව පිළිවෙළින් කොට්ඨාස, කලාප හා පළාත් තරග වලට සහභාගී වී එහි දක්ෂතා පෙන්වන දූ දරුවන්ට සමස්ත ලංකා තරගාවලියට සහභාගී වීමේ සුදුසුකම් හිමි වනු ඇත.
දිවයින පුරා පාසල්වල අධ්‍යාපනය ලබන පහළොස් දහසකට ආසන්න දරු දැරියන් සංඛ්‍යාවක් මෙවර කණ්ඩායම් තරග සඳහා සහභාගී වන අතර, ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක - ක්‍රීඩිකාවන් පන්දහසකගේ සහභාගීත්වයක් අපේක්ෂා කරයි. පාසල් 1170ක් නියෝජනය වන මෙම උත්සවයේ දී ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත, පදක්කම් සහ සහතික ප්‍රදානය කෙරෙනු ඇත.

