සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාවට අයැදුම්පත් කැඳවයි
අත්පන්දු කී‍්‍රඩාව දිවයින පුරා ප‍්‍රචලිත කිරීමේ අරමුණින් මෙම වසරේදී (2012) පැවැත්වෙන සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාව සඳහා පාසල්වලට දැන් අයැදුම්පත් යොමු කළ හැකි බව පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප‍්‍රදීප් මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
ශ්‍රී ලංකා අත්පන්දු සංගමයේ සහයෝගයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිතව ඇරැඹි අත්පන්දු ක‍්‍රීඩාව මේ වන විට පාසල් 35 ක ක‍්‍රියාත්මක වේ.
කණ්ඩායමකට අඩු පහසුකම් යටතේ ආරම්භ කළ හැකි මෙම ක‍්‍රීඩාව යුරෝපයේ ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් බවට පත්ව තිබේ.
වයස 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ (බාලක/බාලිකා) ලෙස සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාව ක‍්‍රියාත්මකවේ.
වයස 13 න් පහළ තරගාවලිය මැයි මස 25 සහ 26 පැවැත්වීමට නියමිතය.
අත්පන්දු ක‍්‍රීඩාවට පිවිසීමට අපේක්‍ෂා කරන පාසල්වලට කපිල ප‍්‍රදීප්, ලේකම්, ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය, ඞී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ 07 යන ලිපිනයට ලිඛිතව දැන්විය යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර 0773433870 යන දුරකතන අංක ඇමැතීමෙන් ලබාගත හැකිය.
සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාව ක‍්‍රියාත්මකවන ආකාරය:
13 න් පහළ (බාලක/බාලිකා) /මැයි මස 25 සහ 26
15 න් පහළ (බාලක/බාලිකා) /ජුනි මස 22 සහ 23
17 න් පහළ (බාලක/බාලිකා) /සැප්තැම්බර් මස 21 සහ 22
19 න් පහළ (බාලක/බාලිකා) /ඔක්තෝබර් මස 24 සහ 25

