සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේලට ඇප


(නිමන්ති රණසිංහ )

කෝවිඩ් එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද 26 නියෝග කළාය .

මින් ඉදිරියට වගකීම් විරහිත ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙසට සැකකරුට දැඩි ලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරිය ඔවු එලෙස ඇප මත මුදා හැරියාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජිත කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් මෙම සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කර ඇති අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයෙ 25 රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.