සමයං ඝාතනයේ සැකකරුවකුට බන්ධනාගාර නිලධාරීන් පහර දීලා


අරුණ උදය ශාන්ත හෙවත් සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැකපිට ගම්පහ මල්වතුහිරිපිටියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් පහරදුන් බවට බන්ධනාගාර කොමසාරිස්ට පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල කරනු ලැබ ඇත්තේ සැකකරුගේ නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා විසිනි.

සැකකරු පැය කිහිපයකට කළුතර බන්ධනාගාරයට ගෙනගොස් ඇතැයිද, එහිදී නිලධාරීන් 25 දෙනෙකු පමණ එකතු වී ඔහුට පහර දී ඇතැයිද, පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට සිටි සැකකරුගේ ඡායාරූපද ඔවුන් ලබාගෙන ඇතැයිද නීතීඥවරයා කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.