සමන් දෙවි පෙරහර සැප්තැම්බර් මැද


සබරගමුව මහ සමන් දේවාලයේ  ඇසල මහා පෙරහර  සැප්තැම්බර්  12 වැනි දා  මහ සමන්  දේවාලයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ද පසුදින සාංඝික දානය ද 14 වැනි දා   චාරිත්‍රානුකුල කප්  සිටුවන බව බස්නායක නිලමේ කමල්  රත්වත්තේ  මහතා  කීවේය.

රත්නපුර  ප්‍රාදේශිය ලේකම්  චිත්‍රා  මානෙල්  කෝට්ටවත්ත මහත්මිය පැවසුවේ සැප්තැම්බර්  14 සිට 17 දක්වා  කුඹල්  පෙරහර  ද 18 සිට 22 දක්වා  දෙවේලේ  පෙරහර ද 23 සිට 27 දින දක්වා   මහ පෙරහර ද සැප්තැම්බර්  28 දියකැපීමෙන්  පසුව දහවල්  පෙරහරින්  දේවාභරණ තැන්පත් කැර  පෙරහර නිම වෙයි.

P1080194