( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගයේ මහලේකම් , එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගොනු කළ නඩුවට මැදිහත් පාර් ශ්වකරුවන් ලෙස තමන් ඇතුළත් කර ගන්නා ලෙස පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකු කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (15) ප්‍රතික්ෂේප කළාය.
මෙලෙස ප්‍රතික්ෂේප වූයේ හිටපු අමාත්‍යවරුන් හා හිටපු එක්සත් ජාතික පක්ෂ හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල , තලතා අතුකෝරළ සහ සුජීව සේනසිංහ යන මහත්ම මහත්මීන් අධිකරණය කළ ඉල්ලීමකි.
සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල අද (15) කොළඹ දිසා අධිකරණය හමුවේ සලකා බැලුණු අතර එහිදී පැමිණිලිකාර හා වගඋත්තරකාර පාර් ශවයන් හී නීතීඥවරුන් කළ කරුණු සලකා බැලීමෙන් පසුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.
මෙම පැමිණිල්ල සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර් ශවයේ නීතීඥවරු විනිසුරුවරයා පෙන්වා දුන්නේ අතරමැදි පෙත්සම්කාර ඇමතිවරුන් තිදෙනා මීට පෙර පැමිණිල්ලට පක්ෂ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවය.
එහිදී පැමිණිලිකාර සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඞ් මහතා කියා සිටියේ මෙවර මහමැතිවරණය සඳහා තරඟ කිරීමේ අරමුණින් සන්ධානයක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡා කර ඇති බවය.
එම සාකච්ඡාවට පැමිණිලිකරුත් , සජිත් ප්‍රේමදාස මහතාත් සභාගී වූ බවත් , සියල්ලන්ම කැමැත්තෙන් මෙම සමගි ජනබලවේගය නැමැති සන්ධානයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත් කළද මෙය පක්ෂයක් නොවන බවද පැමිණිලිකාර පාර් ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති ඉක්‍රාම් මොහොමඞ් මහතා කියා සිටියේය.

