සම සුවේ ලෙඩේ වණ කරනවාලු


පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා සිසුන්ගේ පාඨමාලා කාලය පිළිබද අර්බුදයක් පවතිද්දී එම උපාධි අපේක්ෂකයන් සදහා  විභාග පැවැත්වීම හෙළා දකින බව ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය කියයි.

මෙලෙස විභාග පැවැත්වීම සිසු මර්දනයේ එක් පියවරක් බව සදහන් කරමින් ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ  විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා වෙත අද (23 ) ලිපියක් යැවීය.

ජාතික අර්බුදයක් බවට පත්වී ඇති ගැටඵවකට සියලු පාර්ශව හවුල් කොට ගනිමින් විසදුම් සොයනු වෙනුවට මෙවැනි දෑ කිරීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බව ද හෙතම සඳහන් කරයි.