විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා පිළිතුරු දෙයි
ඔබගේ ගැටළුව ප්‍රසිද්ධියේ පළ කිරීමට නොහැකි බැවින් මෙහි පළ කරන්නේ නැත. මෙය සාමාන්‍ය සිද්ධියකි. තමන්ගේ ඉන්ද්‍රියයන් හා අත, පය ඇතුළු සිරුරේ කොටස්වල විශාලත්වය තීරණය වන්නේ උපතිනි. නැතිනම් ඒවා වර්ධනය වීමේ දී සංකූලතා ද ඇතිවේ. ඔබ මෙය මානසික වදයක් කරගත යුතු නැත. ළඟම සිටින කායික වෛද්‍යවරයකු හමුවී ඔබේ ගැටළුව විවෘතව පවසන්න. එය ඔබගේ ශාරිරික ගැටළුවක් නොවන බව පැවසුවහොත් මානසික ප්‍රතිකාර සඳහා ළඟම ඇති රජයේ රෝහලේ මානසික වෛද්‍ය සායනයට හෝ විශේෂඥ මනෝ වෛද්‍යවයරකු හමුවට හෝ යන්න. අන් අය ඔබේ ඉන්ද්‍රියයන් ගැන පවසන කරුණු සම්බන්ධයෙන් පශ්චාත්තාප වීමෙන් වළකින්න.
මම අවුරුදු 30ක විවාහක කාන්තාවකි. මගේ ඉකිළි ප්‍රදේශය කළු වී කැසිල්ලක් ඇතිවෙයි. ෆාමසියකට කියූ විට දිලීර රෝගයක් බව පවසා ආලේපනක් දුන්න ද එයින් නිට්ටාවට සුවවූයේ නැත. ආලේපනය භාවිතා කරණ විට අඩුවී යළි එය ඇතිවේ. මේ සඳහා ප්‍රතිකාරයක් අවශ්‍යයි.
- නිමාලි -
පිළිතුර - ඉකිළි ප්‍රදේශය කළු පැහැවීමත් කැසීක් හටගැනීමත් බොහෝ දෙනකුට පවතින ගැටළුවකි. දහඩිය දැමීම හා යට ඇඳුම් අපිරිසිදු වීම හේතුවෙන් ද මේ තත්ත්වය හටගනී. මේ නිසා පිරිසිදුවට සිටීමත් පිරිසිදු යට ඇඳුම් භාවිතා කිරීමත් ඉතා වැදගත්ය. කෙසේ වෙතත් වෙළඳ පොළේ ඇති ආලේපන ගැල්වීමෙන් ස්ථිර විසඳුමක් සොයා ගැනීමට නොහැකිවනු ඇත. ඇතැම්විට වෙනත් ආසාදන තත්ත්වයන්ට ලක්වීමෙන් තත්ත්වය වඩාත් දරුණු වීමට ද ඉඩ ඇත. රෝහලක චර්ම රෝග සායනයට හෝ විශේෂඥ චර්ම රෝග වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසු ක්‍රමයයි.
විදේශගතව සිටින මම වසරකට මාසයක් පමණ නිවාඩු ලබා පැමිණෙන්නෙමි. වයස අවුරුදු 34කි. ලිංගික එක්වීමක දී මා විනාඩියකින් පමණ සුරතාන්තයට පත්වීම හේතුවෙන් ලිංගික සතුටක් නොලැබේ. මෙය මට මහත් පීඩාවකි. දැනට වසර එකහමාරක පමණ මගේ ජනනේන්ද්‍රිය සෘජුවීම ද සිදු නොවේ. මේ සඳහා ප්‍රතිකාරයක් තිබේ ද ? මෙය මානසික හෝ කායික රෝගයක් ද යන්න මා නොදනී.
-ඉන්දික-
පිළිතුර - ලිංගික එක්වීමක දී සුරතාන්තය සඳහා ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. මානසික තත්ත්වය, නිරෝගීබව ආදී කරුණු රැසක් ඒ සඳහා බලපායි. ඔබට ඇති ගැටළුව සඳහා පළමුවෙන් මෞත්‍ර ලිංගික වෛද්‍යවරයකු හමුවන්න. ඔබට ඇති ගැටළුව සම්බන්ධයෙන් පළමු තීරණය ගතයුත්තේ එම වෛද්‍යවරයා විසිනි. කායික ගැටළුවක් නැතැයි එම වෛද්‍යවරයා තීරණය කරන්නේ නම් ඔබට මානසික ගැටළුවක් ඇත්දැයි තීරණය කිරීමට ළඟම ඇති රෝහලක මානසික වෛද්‍ය සායනයට ගොස් ප්‍රතිකාර සඳහා යොමුවන්න.
ප්
රශ්නය - මගේ වයස අවුරුදු 20කි. රාත්‍රියේ දී දැඩි මුත්‍ර දැවිල්ලක් හට ගනී. දිනපතා මළ පහවීමක් ද සිදුනොවේ. මෙය දැඩි පිඩාවක් ගෙන දෙන්නක් වී ඇත.
පිළිතුර - දිනපතා හොඳින් වතුර බොන්න. එවිට මුත්‍ර දැවිල්ල අඩුවනු ඇත. එසේ කිරීමෙන් සුවයක් නොලැබෙන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් අනුව යූ.එෆ්.ආර්. නමැති සරල මුත්‍රා පරීක්ෂණය කරගෙන ඒ අනුව පරික්ෂා කිරීම අවශ්‍ය වේ.
මල බද්ධයට ද ප්‍රතිකාරයක් වන්නේ දිනපතා හොඳින් ජලය පානය කිරීමයි. ඊට අමතරව ශරීරය වෙහෙසවන ව්‍යායාම ද අවශ්‍යය. අවම වශයෙන් දිනකට කිලෝ මීටර තුනක් හෝ අවිද යන්න. නැතිනම් ක්‍රිඩාවක නිරත වීම අත්‍යාවශ්‍යය. දෛනික ආහාරයට ඉදුණු කෙසෙල්, එළවළු, ගස්ලබු වැනි දේ එක්කැර ගැනීම අවශ්‍යය.
දිනකට දෙකකට වරක් යෝගට් හෝ මිදුණු කිරී ටිකක් කෑමට ගැනීම සුදුසුය. වැසිකිළියට යාමට නිශ්චිත වේලාවක් තෝරාගන්න.
ප්‍රශ්නය - මගේ ඇඟේ විටින් විට පලු මතුවේ. ඇඟේ සෑම තැනකම ඇතිවන මේ පලු දැඩි කැසීමකින් ද යුක්තය. සම මතුපිට තුටකින් ඉරක් හෝ අකුරක් හෝ ලිවූ විට එැන ද එසවී පිම්බී ඒ හැඩේටම පලු මතුවේ. විශේෂඥ වෛද්‍ය උපදෙස් ගත් විට ප්‍රතිකාර නියම කෙරුණි. එසේ වුව ද බෙහෙත් නතර කළ විට යළි ඒ තත්ත්වය ඇතිවෙයි.
පිළිතුර - සම මතුපිට තුඩකින් ඉරක් ඇඳීමෙන් පසු එතැන පලු මතුවීම ආශ්චර්යක් හෝ මැජික් එකක් නොවේ. එය Chronic urticaria නමැති රෝගයේ එක් ලක්ෂණයකි. මෙය හඳුන්වන්නේ Dermatographia හෙවත් සම මතුපිට ලිවීම යනුවෙනි. මේ රෝගයට බෙහෙත් තිබේ. බොහේ විට බෙහෙත් නතර කළ විට රෝගය නැවත දක්නට ලැබෙයි. මේ රෝගයේ ස්වභාවය එයයි. දිගුකල් පවතින රෝගයකි. මේ සඳහා ළඟම ඇති රෝහලක සමේ රෝග සායනයෙන් ප්‍රතිකාර ගන්න.
ප්‍රශ්නය - මගේ වයස අවුරුදු 47කි. අත් දෙකේම ඇඟිලි නිතර නිතර වෙව්ලයි. මේ ගැටළුව ඇතිවී දැන් වසර 20ට ආසන්නය. කිසි දිනක මත්පැන් හෝ සිගරැට් පානය කැර නැත. වෛද්‍යවරු පවසන්නේ මට රෝගයක් නැති බවයි. එසේ වුව ද ඇඟිලි වෙව්ලීම මගේ සිතට මහත් වදයකි. මෙයට ප්‍රතිකාරයක් තිබේ ද ?
පිළිතුර - ඔබේ ගැටළුවට පිළිතුරු දීමට අපහසුය. වඩාත්ම සුදුසු වන්නේ වෛද්‍යවරයකු හමුවී විස්තරය පවසා සාමාන්‍ය කායික පරීක්ෂණයක් කර ගැනීමයි.
ප්‍රශ්නය - මගේ වයස අවුරුදු 49කි. කාලයක සිට කන් ඇසීම අඩුය. මෙයට ප්‍රතිකාරයක් තිබේ ද ?
පිළිතුර - ඔබේ ගැටළුව ඉතා සරලය. වයස අවුරුදු 49ක් නම් ඔබේ කන් ඇසීම දුර්වල වී ඇත්තේ වයසට යාමෙන් නොවන බව පැහැදිලිය. එයට වෙනත් හේතුවක් බලපායි. ළඟම ඇති රෝහලේ අදාල සායනයට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.
ප්‍රශ්නය - මගේ වෘෂණ කෝෂ නිතරම තෙත් ගතියකින් පවතියි. කලක් මත්පැන් බහුලව භාවිතා කළ ද දැන් එය නතර කැර ඇත. මගේ ගැටළුව සඳහා උපදෙස් පතමි. මගේ වයස අවුරුද 53කි.
පිළිතුර - වෘෂණ කෝෂ නිතර තෙත් ගතියකින් පවතිනවා නම් ඒ ඩහදිය විය යුතුය. නැතිනම් ඒ සඳහා Eczema නමැති සමේ රෝගයකින් ස්‍රාවය වන ද්‍රව්‍යයක් විය යුතුය. තෙත් ගතියට හේතුව ඩහදිය නම් අවශ්‍යවන්නේ සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම හා පිරිසිදුව සිටීමයි. සමේ රෝගයක් තිබේ යැයි සැකයක් තිබේ නම් වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරන්න.
ප්‍රශ්නය - මම 25 හැවිරිදි අවිවාහක තරුණියකි. මගේ ගැටළුව නම් මළ පහ කිරීමේ දී සහ ඉන් පසු විනාඩි 30ක් පමණ ගතවන තුරු ගුදමාර්ගයේ දැවිල්ලක් හටගැනීමයි. ගුදයේ කෙළවර කුඩා ගැටිත්තක් ද ස්පර්ශ වේ. මේ අර්ශස් රෝගය ද නැතිනම් වෙනත් තත්ත්වයක් ද ? මේ සඳහා ප්‍රතිකාරයක් දැන්විය හැකි ද ?
පිළිතුර - ඔබගේ රෝගය අර්ශස් රෝගය ද කියා නිශ්චිතව දැන ගැනීමට ළඟම ඇති රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සායනයට ගොස් පරීක්ෂාකරවා ගන්න. එය අර්ශස් රෝගය හෝ වෙනත් තත්ත්වයක් දැයි කියා තීරණය කළ හැකි වන්නේ එවැනි පරීක්ෂණයකිනි. ප්‍රතිකාරය ලබාදිය හැකිවන්නේ රෝගයේ ව්‍යුහය හා පවතින අදියර අනුවය. මළ බද්ධය සඳහා බෙහෙත් ගැනීමේ සිට ස්ථානිකව ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම, අර්ශස් ගැටිතිවලට බෙහෙත් විදීම සහ අර්ශස් ගැටිති සැත්කමකින් කපා ඉවත්කිරීම දක්වා විවිධ ආකාරය ගනී.
එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.


