චමිල් රූපසිංහ
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ පළමු සැසි වාරයේ සභා වාර්තාව පිළිගත නොහැකි බව කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) මන්ත්‍රීන් පිරිසක් සභා වාර්තාව ගිනි තබමින් සභාපතිවරයාගේ මේසය මත වාඩිව අද (22) විරෝධය පෑහ.
විරෝධය පෑ මන්ත්‍රීවරුන් තේපැන් පානය කරන අවස්ථාවේදී උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කේක් කවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව ) මන්ත්‍රීවරුන් සතුටු සාමීචියේ යෙදෙනු දක්නට ලැබුණි.
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙනි.




