චන්ද්‍රසේන ගමගේ
‘පළාත් පාලන ආයතන වල සභාපතිකම් අරගෙන කවුරු හරි උද්දාමයට පත්වෙලා වැඩ කරන්න ගියොත් අපි ඒ අය දණ ගස්සවලා තමයි පස්ස බලන්නේ.‘ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
‘ තංගල්ල නගර සභාවටත් මේ කාරනය අදාළයි. තංගල්ල නගර සභාවේ බලය ලබා ගෙන තම තමන් පෝෂණය වෙන්න එජාපයත් පොදුජන පෙරමුණත් මාන බැලුවා . ඒ හොරකම් වලට අපි ඉඩ තියන්න කැමති නැති නිසා අපි ස්වාධීන වුණා. නමුත් සභාපතිකම් අරගෙන උද්දාමයට පත්වෙනවානම් ඒ අය දන ගස්සවන්න අපිට බලය තිබෙනවා.‘ ද ඇමැතිවරයා අද තංගල්ලේදී කීවේය.
‘‘අගමැතිවරයාට ඉදිරිපත් කොට ඇති විශ්වාස භංගයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රටට වැදගත් තීන්දුවක් ගන්නවා. ඒ සදහා ලබන දෙවැනිදා සිට හතර වැනි දින රාත්‍රී 08 වෙනකම් සාකච්ඡා කරනවා. එසේ සාකච්ඡා කොට අපි රටට වැඩදායී තීන්දුවක් ගන්නවා. අපි අපිට ලැබෙන පෞද්ගලික වරප්‍රසාද ගැන ඒ තීන්දුව ගැනීමේදි සලකන්නේ නැති බවත් සඳහන් කරනවා.‘‘
සභාපතිකමෙන් උදම් වුණොත් දණගස්වන බව ඇමැති අමරවීර කියයි
Recommended Articles