සභානායක මන්ත්‍රී වරප්‍රසාද ගැන කියා දෙයි


සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හමුදා  ප්‍රධානියකු හමුවීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගන්නැයි යමෙකු පවසනවා නම් එය වැරදි යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.


සභානායකවරයා මේ බව පැවසුවේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
චාල්ස් නිර්මලනාදන් මහතා මෙසේ ද පැවසීය.


‘මම ජනතාවගේ ප්‍රශ්නයක් කතා කරන්න උතුරේ හමුදා ප්‍රධානියකු හමුවීමට අවස්ථාව ඉල්ලුවා. නමුත් ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය අරගෙන එන්න කියලා එතුමා මට කියනවා. මම ආරක්ෂක අමාත්‍යංශයට ලිපියක් ලියුවා. නමුත් කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. මෙහෙම වැඩවෙන කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට අප කටයුතු කරන්නේ කොහොමද? අපට  මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි’