නව පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස පත්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (2) එම ධූරයේ වැඩ බාරගත්තේය.
පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී පත්වීම් ලිපියට අත්සන් තැබූ ඒ මහතා ජාත්‍යන්තර ගැටළුවලදී එජාපය හා ශ්‍රීලනිපය එකට සිටීමේ වැදගත්කම අවධාරණය කළේය.
එසේම උතුරු නැගෙනහිර ප්‍රශ්නවලට විසඳුමක් ලබාදිය යුතු බවත් රටේ ආර්ථිකය සීඝ්‍රයෙන් දියුණු කළ යුතු බවත් කිරිඇල්ල මහතා පැවසීය.





