(රංජන් කස්තුරි)
නවක වදය හේතුවෙන් දැඩි චිත්ත පීඩාවකට පත්ව ගෙලවැලලාගෙන මියගිය අමාලි චතුරිකා සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කොට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ.
අමාලි චතුරිකා සිසුවියගේ මරණය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් නොවලහා සිදුකොට එකී මරණයට වගකිව යුත්තන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නඩු පවරන ලෙසත් එම මරණයට අදාල සාක්ෂි පොලිසියට ලබා නොදීම හා සිතාමතා සාක්ෂි වසං කිරීම නිසා එවකට සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය චන්දන උඩවත්ත මහතාට එරෙහිව නඩු පැවරීමටත් සහ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොකොට නඩු පැවැරීම පැහැර හැරී එවකට හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් ලබා දෙන ලෙසත් ඇමැතිවරයා එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
පන්නිපිටිය මාඹුල්ගොඩ පදිංචිව සිටි සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ සායක්කාර හේවගේ අමාලි චතුරිකා නැමැති සිසුවිය නවක වදයට ලක්ව 2015 පෙබරවාරි මස 16 වැනිදින ලිපි දෙකක් ලියා තබා ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබෙන බවද විජයදාස රාජපක්ෂ මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
අමාලි චතුරිකා ශිෂ්‍යාවට විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ දිනයේ පටන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනකු නිරන්තරයෙන් නවක වදයෙන් ඔබ්බට ගිය ශාරීරික හා මානසික පීඩනයක් ඇති කරමින් ප්‍රචණ්ඩත්වය දියත් කර විවිධාකාර වදහිංසාවන්ට ලක්කර තිබෙන බවද ඇමැතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

