සබරගමුව වෛද්‍ය පීඨය දේශපාලනඥයින් විවෘත කරනවාට සිසුන්ගේ විරෝධය


(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)


සබරගමු විශ්ව  විද්‍යාලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ වෛද්‍ය පීඨය විවෘත කිරීම දේශපාලනඥයින් සම්බන්ධ කර ගැනීමට විරෝධය පළකරමින්  විශ්ව විද්‍යාල සිසුහු  අද (16) උද්ඝෝෂණයක් කළහ.


විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මූලිකත්වයෙන් අරඹා තිබු මෙම උද්ඝෝෂණය  දහවල් පැයක කාලයක් බලන්ගොඩ පඹහින්නේ පිහිටි විශ්ව විද්‍යාල ගේට්ටුව ඉදිරිපිට  පැවැත්විණි.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ මහතා ප‍්‍රධාන මැතිඇමතිවරුන් අතින් හෙට (17) පෙරවරුවේ සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත වීමට නියමිතය.


සබරගමු විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලැබුණේ  විශ්ව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සහ ජනතාවගේ අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස බව විරෝධතාව මෙහෙය වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිස්සංක ගමගේ සිසුවා පැවසීය.


දේශපාලකයන් ගෙන්වා මාධ්‍ය සංදර්ශන පවත්වා එය ලබාගත්තේ තමන්ගේ මැදිහත්වීමෙන් බවට උපකුලපතිවරයා ලෝකයට පෙන්න්න උත්සහ කරන බව ද ඔහු  කීවේය.


මෙම විරෝධය පවත්වන්නේ උපකුලපතිවරයාගේ එම උත්සාහයට මිස වෛද්‍ය පීඨයට එරෙහිව නොවන බව ද ඔහු කීවේය.
විවිධ පාඨ කියමින් පැයක පමණ කාලයක් විරෝධතාව පැවැත්විණි.