සබරගමුව ආදායම් බලපත්‍ර කාර්යාල මාසයක් වසයි


(රංජන් කස්තුරි)

සබරගමුව පළාත වාහන ආදායම් බලපත්‍ර නිකුත්  කරන සියලුම ස්ථාන මෙේ මස 30 වැනි දින දක්වා තාවකාලිකව වසා තැබෙන බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය.

වසා තැබෙන කාලය වෙනුවෙන් දඩමුදල් අය කිරීමක් සිදු සිදු නොවන බව ජයකොඩි මහත්මිය කීවාය.

කොරෝනා වසංගතය පැතිර යාම හේතුවෙන් මෙම පියවර ගන්නා බවද ජයකොඩි මහත්මිය සඳහන් කළාය.