(ලසන්ත නිරෝෂණ පෙරේරා )
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශ දීම සඳහා සරසවි සිසුන් 15 දෙනකු කැදවු බව සමනලවැව පොලිසිය පවසයි.
සිය දිවි නසාගත් චරිත් දිල්ශාන් නම් සිසුවා ඉගෙනුම ලද තාක්ෂණ පිඨයේ සිසුන් පිරිසක් මෙසේ කැඳවූ බව සමනලවැව පොලිසියේ නිලධාරීයෙක් පැවැසීය.
එම සිසුන් පිරිස නවක වදය දුන්නේ යැයි කියන සිසුන් නොවෙන බවද පොලිසිය පවසයි . මියගිය සිසුවාට නවක වදය ලබාදුන්නේ යැයි කියන සිදුවිම ඇසින් දුටු අයගෙන් ගෙන් එලෙස ප්‍රකාශ ලබා ගෙන තිබේ.