සබරගමු පුරප්පාඩු පුරවයි


පාර්ලිමේන්තුවට තේරී පත්වූ සබරගමුව පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායිකා තුසිතා විජේමාන්න මහත්මිය ඇතුඵ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් පස්දෙනෙකු වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් පස්දෙනෙක් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්හ.

රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය ජය ගත් ඒ.ඒ.විජේතුංග සහ හේෂාන් විතානගේ වෙනුවෙන් එජාප ලැයිස්තුවේ නිමල් විජේනායක සහ කේ.එල්. රත්නායක යන මන්ත‍්‍රීවරුන් දිවුරුම් දුන්හ.

කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ  පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ විපක්‍ෂ නායිකා තුසිතා විජේමාන්න මහත්මිය සන්දිත් සමරසිංහ රංජිත් පොල්ගම්පොල යන මන්ත‍්‍රීවරුන්ගෙන් පුරප්පාඩු වූ පළාත් සභා මන්ත‍්‍රීධූර නියෝජනය වෙනුවෙන් සිරිල් පල්ලේපොල ගුණරත්න , උපුල් ශ්‍යාමල් බණ්ඩාර මහතා ලක්‍ෂමන් කොඩිකාර මහතා යන මන්ත‍්‍රීවරුන් දිවුරුම් දුන්හ.

DSC_0006