සබරගමු පළාත් ඇමැතිට ඇප


රට රැකියාවක් දෙන බව කියමින් ගල්කිස්සේ සුරංග චතුරංගගෙන් රුපියල් නව ලක්ෂ තිස් දහසක් වංචා කළැයි කියන සබරගමු පළාත් සභා ඇමැති ශ්‍රීලාල් වික්‍රමසිංහ රුපියල් දස දහසක මුදල් හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය අද නියෝග කළාය.

ඒ නිලන්ති නම් කතක ද මේ නඩුවේ සැකකාරියකි.