තරිඳු ජයවර්ධන
සපුගස්කන්ද පොලිසියේදී සිදුවූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නේය.
විමර්ශනයේ මූලික වාර්තාවක් හෙට පෙරවරු 11 වන විට තමාට ලැබෙන්නට සලස්වන ලෙස ද ඇමැතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැන්වීය.
ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ආචාර්ය අශෝක රංවල මහතා ප්‍රකාශ කළේ සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තමාට පහර දුන් බවයි. සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ අශෝක රංවල මහතා තමාට පහර දුන් බවයි. එම සිද්ධියට රන්වල මහතා රිමාන්ඩ් කරනු ලැබ සිටියි.

