මස්කෙළිය ඔයට බාධාවන අයුරින් ඉදිකරගෙන යතියි කියන සප්ත කන්‍යා පෞද්ගලික ජල විදුලි බලාගාරයේ වැඩ අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පුරවැසියෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු 05 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(13) තීන්දු කළේය.
මෙම පෙත්සම චන්ද්‍රා ඒකනායක , ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන විනිසුරුවරුන් හමුවේ හමුවේ කැඳැවිණි.
චමින්ද නිරෝෂණ විසින් ගොනු කැරුණු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

