රුපියල් ලක්ෂ විසි හතක් වටිනා රට සල්ලි සපත්තුවක මේස් අස්සේ සගවාගෙන සාජා බලා යාමට පැමිණි කල්මුනේ ව්‍යාපාරිකයෙක් කටුනායක දී රේගු විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සෞදි රියාල් හැට එක් දහස් පන්සීයක්, කටාර් රියාල් හත් දහසක්, එක්සත් අරාබි එමීර් ඩිරාම් හත්දහස් හයසිය හැටක් ද එහි තුබූ බව රේගුව කියයි.
රේගු අධිකාරී ඊ ඒ ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධිකාරී ඒ බී ඉෂඩීන් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන පී ශිවපාලන්, චන්දිම කරුණාරත්න, ගයාන් සේනාරත්න, චරිතා හෙට්ටිගොඩ ආර් ඒ ඩී ප්‍රසන්න, නුවන් බංඩාර , රුචිර කරුණාතිලක සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී විජේවර්ධන මහත්වරු පරීක්ෂණ සිදු කරති.