(ඩයනා උදයංගනී )
විශ්වාසභංගයෙන් පසු එළැඹෙන සඳුදා (9) නව කැබිනට් මණ්ඩලයක් පත් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අද (04) පාර්ලිමේන්තුවේදී පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරනු ඇති බනත්, අගමැතිවරයා විවේචනය කළ ද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ගැටළුවක් ඇති නොවන බවත් ඇමැතිවරයා කීවේය.