(මහින්ද නිශ්ශංක සහ නිමල කොඩිතුවක්කු)
සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ලබන 1 වැනිදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය කටයුතු ආරම්භ කරවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
ඒ අනුව කාර්යාල දුම්රිය වාර 152ක් පමණ ධාවනයේ යෙදවීමට කටයුතුයොදා ඇතැයි එ සාමාන්‍යාධිකාරි ජයසුන්දර මහතා කියයි.
මහනුවර,බෙලිඅත්ත,මාතර,ගාල්ල, මහව, කුරුණෑගල, රඹුක්කන, පුත්තලම සිටි මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතය.

