සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහර අද අත්තනගල්ලට


(ළහිරු හර්ෂණ)

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (18) දින වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කල අතර මෙම රථ පෙරහැර දේවාලේගම, රංවල, ගලිගමුව, කොටියාකුඹුර, රුවන්වැල්ල, මීවිටිගම්මන සහ ඌරාපොල හරහා ගමන් කර සවස අත්තනගල්ල රජමහා විහාරය වෙත වැඩමකෙරේ.

හෙට(19) දින උදෑසන අත්තනගල්ල රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත මෙම රථ පෙරහර ඌරාපොල, පූගොඩ, දොම්පේ, හංවැල්ල, පාදුක්ක සහ හොරණ යන ප්‍රදේශ හරහා කුරුඳුවත්ත මහා විහාරය දක්වා ගමන් කරනු ඇත.

රථ පෙරහර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.