නුවරඑළිය නගරය සමීපයෙන් තවත් ලෝකාන්තයක් වැනි තැනක් හඳුන්වාදීමට නුවරඑළිය මහ නගර සභාව සැරැසෙයි.
හොර්ටන් තැන්න වනෝද්‍යානය මෙතෙක් හඳුනාගෙන ඇති ලෝකාන්තය නකල්ස් කඳු වැටියේ පිටවල පතනේ ද ලෝකාන්තය වැනි තැනක් ඇත.
හෝර්ටන් තැන්නේ පරිසර ලක්ෂණ වලට සමාන පරිසරය නුවර එළිය,සඳතැන්න,සීතා එළිය, ප්‍රදේශයේ පිහිටා ඇතැයි කියති.
නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 12 ක් පමණ දුරකින් පිහිටි මෙම ස්ථානයට නුවර එළියේ සිට පැය පැය භාගයකට වඩා අඩු කාලයකින් ළඟා විය හැකියි.
නුවර එළිය ,සීතා එළිය බීජ අර්ථාපල් ගොවි පළ ඔස්සේ වැටී ඇති මාර්ගයේ යෑමේදී මෙම නව සුන්දර පරිසර පද්ධතිය පිහිටා ඇත. එහි ළඟා වීම සඳහා මාර්ගය ද සකසා අවසන් කොට තිබේ.
අඩි 7500ට ඉහළ බිමක සිට අංශක 360ක ප්‍රමාණයකට සියලුම වටපිටාව දර්ශනය වන මෙම ස්ථානයේ සංචාරක මධ්‍යස්ථානයක්ද ඉඳි කැරෙයි.
මේ සුන්දර පරිසර පද්ධතිය සමීපයට ගිය විට වැලිමඩ සානුව ඇතුළු බදුල්ල බණ්ඩාරවෙල ප්‍රදේශ සම්පුර්ණයෙන්ම මනස්කාන්ත අයුරින් පෙනේ.
පිතුරුතලාගල,හග්ගල,කිකිළියාමාන කඳු පන්ති ඉතාම පැහැදිළිව පෙනෙන මෙහි ගෝනුන් ,මුවන් මෙන්ම කඳුකර කුරුලු වර්ග රැසක් දැකිය හැකිය.
නුවරඑළිය නගරාධිපති මහින්ද කුමාර දොඩම්පේගම මහතා සඳතැන්න නව හෝටන් තැන්න බවට පත් කිරීමට වෙහෙසෙයි.

