සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
කතරගම දී අසනීපයකට බෙහෙත් ගැනීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරියකගේ සැමියා කඩුවක් ද රැගෙන පහරදීමට ආ සිද්ධියක් ගැන සෞඛ්‍ය ඇමැතිටත්, පොලිස්පතිටත් පැමිණිලි කරන බව ජනප්‍රිය නිළි සනෝජා බිබිලේ කියන්නීය. කතරගම රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ පෞද්ගලික සායනයෙන් දුන් බෙහෙත් තුණ්ඩුව බෙහෙත් නිකුත් කරන තැන සිටි ඇගේ සැමියාට දුන් පසු ඇතිවූ බහින්බස්වීමක් අවසන් වූයේ කඩුව රැගෙන ඈ පසු පස පැන්නු බව කියන සැමියාගෙන් බේරීමට ඇයට වෛද්‍යරියගේ කාමරයට වැදී පොලිසිය එනතුරු දොර වසාගෙන සිටීමෙන් පසුවය. බෙහෙත් නිකුත් කිරීමට මොහුට සුදුසුකම් ඇද්දැයි සනෝජා අසයි.

