සනීපාරක්ෂක බිම් පිරවුම් හතරක්


(විනීතා එම් ගමගේ)

මහා පරිමාණ සනීපාරක්ෂක බිම් පිරවුම් හතරක් උතුර, දකුණ හා උතුරු මැද පළාත්වල ඉදිකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.

යාපනයේ කීරමලේ, අනුරාධපුර කීරක්කුළම, පොළොන්නරුව මීගස්වැව සහ ගාල්ල මොන්රෝවියා වත්ත යන ස්ථානවල මෙම සනීපාරක්ෂක බිම් පිරවුම් ඉදිරකරන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

මෙම බිම් පිරවුම් කොරියන් ආධාර යටතේ ඉදිකෙරේ. මේ වනවිට මෙම ඉදිකිරීම් සඳහා සියලූ අධ්‍යයනයන් සිදුකර පාරිසරික අගැයීම් වාර්තා ද සකස් කොට අවසන් යැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අපද්‍රව්‍ය කළමනාකරණ) ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

දිරායන කසල හා ප‍්‍රතිචක‍්‍රිකරණය කරන කසල හැරුණු විට දීර්ඝ  කාලිනව දිරා යන දෑ මෙම බිම් රඳවනයන් වලට යොමු කරන බවද ඉන්ද්‍රරත්න මහතා පැවැසිය.