සන්ධානෙන් හයක් පන්නයි


නියෝජ්‍ය ඇමැති සුරේෂ් වඩිවේල් , පලාත් සභා මන්ත්‍රීන් වන නිශාන්ත වර්ණසිංහ, නිරෝෂා අතුකෝරල සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ  ද තවත් දෙදෙනකුගේ ද පක්ෂ සාමාජිකත්වය අද සිට තහනම් කරන බවත්, ඒ බව දන්වා ඔවුනට ලේඛනගත තැපෑලෙන් ලියුම් යවන බවත් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.

මේ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද දන්වන බවත් ඔහු සඳහන් කරයි.

නීත්‍යනුකූලවත්, සදාචාරය අනුවත් වර්ණසිංහ, අතුකෝරල සහ හිරුණිකාට  පළාත් සභා මන්ත්‍රීකම් දැරිය නොහැකි බවත් මැතිවරණ කොමසාරිස් තීරණය අනුව ක්‍රියා කරන බවත්, බොහෝ විට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අයගෙන් පුරප්පාඩු පුරවන බවත් ප්‍රේමජයන්ත මහතා කියයි.

 IMG_7570 - Copy

 

 

 

වීඩියෝ - ලහිරු හර්ෂණ

වීඩියෝ - අතුල දේවප්‍රිය