එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු “රටට පණ දෙමු අලුතෙන්ම පටන් ගමු” යන තේමාව යටතේ සිදු කරන බව එම පක්ෂයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කොළඹ දී අද (16) පෙරවරුවේ ප්‍රකාශ කළේය.
මහ මැතිවරණයේ දි එක්සත් ජනතා නිදහස් සන්ධානයට හවුල්කාර පක්ෂ හා සංවිධාන 20 ක් සහය දක්වන බව ද ඔහු පැවසීය. ලංකා නිදහස් පක්ෂය,මහජන එක්සත් පෙරමුණ , ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාත්‍රන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ , පිවිතුරු හෙළ උරුමය,ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණ , ශ්‍රි ලංකා මහජන පක්ෂය , සමාජවාදී ජනතා පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, අපේ ශ්‍රි ලංකා නිදහස් පෙරමුණ , මුස්ලිම් උලමා පක්ෂය, නව සිහළ උරුමය , ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ යන පක්ෂ සන්ධානයට සහය දක්වතියි ඔහු කීවේය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයත් සමග පක්ෂයේ ඇතිවූ මතවාදී ගැටුම නිරාකරණය කරගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජනපති විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග බදාදා සාකච්ඡාවක් පැවැත්වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
එහි ප්‍රතිඵලයක් ලෙස සන්ධාන නියෝජිතයන් අද ජනපති හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බවත් ඔහු කීවේය.
ජනපතිවරයා දැඩි පීඩනයකට හා අන්තර්ජාතික බලපෑමට ලක්වී සිටින බව පැවසූ අලහප්පෙරුම මහතා පක්ෂ අභ්‍යන්තරයේ ඇති ගැටළු සුහදව විසඳාගන්නා බවත් සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පිවිතුරු හෙළ උරුමයේ ලේකම් ගම්මන්පිල මහතාට භුගෝල පාඩමක් කියා දෙයි. ඉන්දියාව හා ලංකාව අතර පුරාණයේ පැවති තත්වය ඔහු ගම්මන්පිලට පැහැදිලි කළේය.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව කොලයක සටහන් කරමින් ගම්මන්පිල මහතාට පැහැදිලි කළ අයුරු









