දකුණත් උතුරු මැදත්, වයඹත් කියන දිස්ත්‍රික් ගණනාවම නිරතුරුවම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන බව අද (22) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් අනුර යාපා මහතා පැවසුවේය.
උතුර හා නැගෙනහිර පළාත්හි අපගේ වගකිව යුත්තන් ගණනාවක් පත් කරමින් 117 කට වැඩි මන්ත්‍රිවරුන් පිරිසක් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පුළුවන් වෙතියි දැඩි විශ්වාසයක් ඇති බව ද කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගන්නා කෙනෙක් පක්ෂය හෝ කණ්ඩායම නම් කරන කෙනෙක් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය යුතු බවත් බහුතරයේ ඒකමතික තීන්දුව වන්නේ මහින්ද රාජපක්ෂ අගමැති විය යුතු බව යාපා මහතා පැවසුවේය.



