ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් කරකවා අතහැරීමෙන් අන්දුන්කුන්දුන් වී ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
එක්සත් ජනතා සන්ධානයට මේ වන විට විපක්‍ෂයටවත් සුදුසු නැති තත්ත්වයකට පත්ව ඇතැයි කී අමාත්‍යවරයා ඊට දෙන ඡන්දයේ ද වටිනාකමක් නැතැයි සඳහන් කළේය. රටට අවශ්‍ය ආර්ථික සංවර්ධනය උදා කර දිය හැකි එක්සත් ජාතික පක්‍ෂයට එළඹෙන මැතිවරණයේ දී ඡන්දය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා කීවේය.




