ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ හයක් සම්බන්ධ කරගනිමින් නව සන්ධානයක් ගොඩ නගන බව පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කියයි.
මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජයට හේතුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හැසිරීම බව කියන ගම්මන්පිල ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඔහුගේ නායකත්වයෙන් තරග කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් රැසක් පවසන බවද සඳහන් කරයි.
විකල්ප බලවේගයක් ගොඩනැගීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්‍ෂ හයක් එක්ව තීරණයක් ගත් බවද ඔහු පවසයි.
බුලත් කොළයට ඡුන්දය දුන් ඡුන්ද දායකයින්ගේ පැතුම වන්නේ ද නව දේශපාලන බලවේගයක් බව ඔවුන් සම`ග කතා බහ කිරීමේ දී පැහැදිලි වන්නේ යැයි උදය ගම්මන්පිල කියයි.

