සුසිල් ප්‍රේම්ජයන්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් වෙනුවට ලබන 28 වැනිදා දක්වා මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පත් කිරීමටත් අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රීලනිප ලේකම් වෙනුවට දුමින්ද දිසානායක පත් කිරීමටත් කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අද (14) තීරණය කළේය.
මහාචාර්ය විශ්වා වර්ණපාල හා දුමින්ද දිසානායක මහත්වරුන් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.
තමාට මේ ගැන ආරංචියක් ඇතත් කිසිත් නොදන්නා බව ශ්‍රිලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා එසැණට පැවසීය.


