සන්ධාන ලැයිස්තුවට එරෙහි පෙත්සම විභාගයට


පාර්ලිමේන්තුවට නව මන්ත‍්‍රීවරුන් පත් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් මහජන එක්සත් පෙරමුණේ උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 10 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂඨාධිකරණය අද (31) තීන්දු කළේය.

ලිපි ලේඛන කිහිපයක් සහ නොතීසි වගඋත්තරකරුවන්ට ලැබී නොමැතිවීම සහ එම ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ නඩු ගොනුවලද ඇතුළත් වී නොතිබීම නිසා පෙත්සම සලකා බැලීම එදිනට කල් තැබිණි. ලියකියවිලි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛනාගාරය හරහා ගොනු කරන ලෙසද පෙත්සම්කරුගේ නීතීඥවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප‍්‍රියන්ත ජයවර්ධන, සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග වෙයි.