සන්ධාන මැරයෝ පොස්ටර් අලවන්නෝ රෝහලට යවති


සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නායකයාගේ මැතිවරණ පෝස්ටර් අලවමින් සිටි ආධාරකරුවෙකුට පහර දි ඇතැයි පේරාදේණිය පොලිසිය පවසයි.

මුරුතලාව ඉලුක්වත්ත ප්‍රදේශයේදි ඹහුගේ ආධාරකරුවන් අලවමින් සිටියදි වෙනත් පක්ෂයක ආධාරකරුවන් පිරිසක් අතර ඇති වු බහින්  බස් විමකදි පෝස්ටර් අලවමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ අධාරකරුවෙකුට පහරදිම නිසා ඔහු පේරාදේණිය රෝහලට ඇතුළත් කළ බවද  පොලිසිය පවසයි.

පහර දුන් පිරිස සොයා විමර්ශන අරඹා ඇතැයි පේරාදේණිය පොලිසිය පවසයි.