සන්ධාන මහලේකම් රෝහලේ


එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ඇතුළු කර ඇතැයි පක්ෂ ආරංචි කියයි.

ප්‍රේම්ජයන්ත මහතා සන්ධාන නාම යෝජනා සඳහා මේ දිනවල දැඩිලෙස වෙහෙසවී කටයුතු කළ අතර තවත් හිටපු මන්ත්‍රීවරයකු සමග සන්ධාන මහ ලේකම්වරයා නාමයෝජනා සම්බන්ධයෙන් ඉරිදා රාත්‍රියේ විවාදාත්මක තත්ත්වයකටද මුහුණ දුන් බව දේශපාලන ආරංචි කියයි.

අද දිනයේ නාම යෝජනා බාරදීම සඳහා ප්‍රේම්ජයන්ත මහතා සහභාගීවීමට නියමිත බවද පක්ෂ ආරංචි පවසයි.